Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට තරයේ අවවාද කර තිබේ.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතු බව ශ්‍රී ලංකා මහ බංකුව අදාළ නිවේදනයෙන් දැනුම් දී තිබේ.

මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඉහත ප්‍රතිපාදනය උල්ලංඝනය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලෙයකු මෙම පනතේ 56(4) උප වගන්තිය ප්‍රකාරව පනත යටතේ වරදකට වරදකරුවක් වන බවයි.

එබැවින් ඉහත කී නීතිමය අවශ්‍යතාවය පිළිපදින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට තරයේ අවවාද කර සිටී.

Related posts

Glory to Hong Kong: How the protesters got a new song

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහත්තයා උදේට නැගිට්ට ගමන් කරන්න ඕන දේ ඇමති තලතා කියයි

Mohamed Dilsad

වෙලේ සුදාට මුදල් රැගෙන ආ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment