Trending Newsඑසැන පුවත්දේශීය

සිඟිති පාතාලයෝ දෙදෙනෙක් සහ වීඩියෝ ශිල්පියා පොලිස් බාරයට

තරුණයින් කිහිපදෙනෙකු විසින් තරුණයෙකුට පහරදෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විර්මශනයක ආරම්භ කරන ලදි

ඒ අනුව මෙම සිදුවීම කෑගල්ල ප්‍රදේශයේ සිදුව ඇති බවට අනාවරණය වීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධික්ෂණය යටතේ කෑගල්ල පොලිසිය විසින් විර්මශන ආරම්භ කර ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කෑගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පහර දීම සිදු කළ තරුණයින් දෙදෙනා සහ එම සිදුවීම වීඩියෝගත කළ තරුණයාද වේ. මෙහිදී පහරකෑමට ලක් වූ තරුණයා රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පිටව ගොස් ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16 හා 17 අතර වයස් වල පසුවන කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සිද්ධිය සම්බන්ධව කෑගල්ල පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.

මෙය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම තුළින් කෙටි කාලයක් තුළ සැකකරුවන් පොලිස් බාරයට ගැනීමට හැකියාව ලැබුණු අතර, මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු වේනම් ශ්‍රී ලංකා පොලිසියේ 1997 කෙටි දුරකථන අංකය වෙත දැනුම් දීමේ හැකියාවද ඇත.

Related posts

இளைஞர்களது புதிய கண்டுபிடிப்புகளுக்கு நிதிசார்ந்த உதவிகள்-பிரதமர் ரணில்

Mohamed Dilsad

அலுகோசு பதவிக்கான நேர்முகப் பரீட்சைகள் எதிர்வரும் 21 மற்றும் 22 ஆம் திகதிகளில்

Mohamed Dilsad

சஹ்ரானின் மரபணு பரிசோதனை அறிக்கை நாளை அல்லது நாளை மறுதினம் நீதிமன்றில்

Mohamed Dilsad

Leave a Comment