Trending Newsඑසැන පුවත්දේශීය

දිස්ත්‍රික් කිහිපයක උෂ්ණත්වය ඉහළට: වැඩියෙන් ජලය පානය කරන්න

දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බවයි. එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්ය.

එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසත් එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම නිවේදයේ සඳහන්. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් 011-7446491 යන දුරකථන අංකය අමතන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

Related posts

New Secretaries to Ministries appointed

Mohamed Dilsad

Sajith assures special support scheme for tea industry – [VIDEO]

Mohamed Dilsad

අපි හොරා කෑවා කියන අයට අභියෝග කරනවා ඕනෑම අධිකරණයක නඩු දාන්න – අපේ නිර්දෝශීභාවය ඔප්පු කරනවා – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment