Trending Newsඑසැන පුවත්දේශීය

දෙවෙනි පරපුර දෙකඩ වෙයි

උවිදු විජේවීර මහතා ප්‍රධාන ලේකම් ධූරය දරන දෙවන පරපුර පක්ෂයට එරෙහිව මහර අධිකරණය විසින් ඊයේ (21) නියෝගයක් ලබාදී තිබේ. අනීතික ආකාරයෙන් පක්ෂයේ අති විශේෂ මහ සභාවක් කැඳවීමට සූදානම් වීම හේතුවෙන් උවිදු විජේවීර ඇතුළු පක්ෂයේ කිහිපදෙනෙක්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ බව ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් දෙවන පරපුරේ ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ වෙනුවෙන් නීතිඥ කැලුම් කුමාරසිංහ මහතා පැවසුවේය.

අධිකරණ නියෝගය කඩ කරමින් යම්කිසි හෝ කාරණාවක් සිදුවන්නේ නම් එය අධිකරණයට අපහාස කිරීමක් සේ සලකා නඩු පැවරීමටද කටයුතු කරන බව කුමාරසිංහ මහතා පවසන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙවන පරපුර පක්ෂයේ ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ මහතා පැවසුවේ කලක පටන් පක්ෂය තුළ අර්බුදයක් පැවතියද එය මහජනතාව අතරට ගෙන යාම නුසුදුසු හෙයින් එය දරාගෙන සිටි නමුත් අවසානයේ අධිකරණය දක්වා යාමට සිදුවූ බවයි.

අධිකරණයට යාමට පෙර මැතිවරණ කොමිෂන් සභාව හරහා මෙම මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට හා පක්ෂය සමඟ සාකච්ඡා මට්ටමින් විසඳා ගැනීමට ගනු ලැබූ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වූ බවයි අබේසිංහ මහතා සඳහන් කළේ.

ඒ අනුව මැතිවරණ කොමිසමේ උපදෙස් මත අවසානයේ අධිකරණය දක්වා මෙම ප්‍රශ්නය ගෙනයාමට සිදුවූ බව ඔහු පවසන ලදී.

ජනතාව වෙනුවෙන් පිහිටවනු ලැබූ පක්ෂයක් ගජමිතුරන් සහ තමුන්ගේ හිතවත් පිරිසක් සමග අනීතික ආකාරයට මෙහෙයවීම ඉතාමත්ම බරපතල කාරණාවක් බවත් පසුගිය ජාතික මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පක්ෂය නියෝජනය කරන ජාතික කමිටුවේ කිසිදු අනුමැතියක් ගෙන නොතිබූ බවත් ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් වුවද කිසිම අනුමැතියක් ලබාගෙන නොතිබූ බවද අබේසිංහ මහතා කියාසිටියේය.

සන්ධාන ගතවීම් වැනි සිදුවීම් සම්බන්ධයෙන්ද පක්ෂයේ ජාතික කමිටුවේ කිසිදු අනුමැතියක් නොතිබූ අතර පක්ෂය වෙනුවෙන් කතා කරන පිරිස් ඉවත්කිරීමේ කුමන්ත්‍රණය පැරදවීම සඳහා අවසානයේ අධිකරණය ඉදිරියට යාමට සිදුවූ බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

Two schoolboys drowned attempting to take selfie in river

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ පිරිසක් අද නිවෙස් වෙත

Mohamed Dilsad

Sri Lanka Under 19 Squads named

Mohamed Dilsad

Leave a Comment