Trending Newsඑසැන පුවත්දේශීය

අලි 06 දෙනෙක් මරාදැමූ දුම්රිය රියදුරා වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් විරෝධතාවයක්

දුම්රියේ ගැටී වන අලි මිය යෑමේ සිද්ධිය පාදක කරගෙන අද (21) කොටුව දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

පරසර සත්ව සංවිධාන එකමුතුව විසින් එම විරෝධතාව සංවිධානය කර තිබුණු අතර අහිමි වන අලි ජීවිත වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙසයි ඔවුන් බලකළේ.

අපරික්ෂාකාරී දුම්රිය ධාවන හේතුවෙන් මෙලෙස අලි සම්පත අහිමි වන බවයි ඊට එක්ව සිටි පරිසරවේදීන් ඇතුළු පිරිස පැවසුවේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් දුම්රිය මූලස්ථානය වෙත ලිපියක් භාර දීමටද ඔවුන් කටයුතු කරන ලදී.

පසුගිය කාලය පුරාම මඩකලපුව මාර්ගයේ මෙම වන අලි දුම්රියේ ගැටී අනතුරට පත්වීම් වාර්තා වූ අතර අලි මාර්ගය මාරුවන ස්ථානවල වේගය සීමා කර දුම්රිය ධාවනය කරන ලෙස දැන්වීම් පුවරුද එම මාර්ගයේ සවි කර තිබුණද මෙම කණගාටුදායක පුවත වරින් වර වාර්තා වෙමින් තිබේ.

Related posts

ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ සුඛෝපභෝගී රථයක් පාවිච්චි කරන ඇමතිතුමා

Editor O

Fire at Kotahena Central College doused

Mohamed Dilsad

A fully-fledged media centre to be established in Parliament

Mohamed Dilsad

Leave a Comment