Trending Newsඑසැන පුවත්දේශීය

රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් වංචනිකව මුදල් ඉල්ලීමේ ජාවාරමක්

රේගු අධ්‍යක්ෂ ජනරාලවරයාගේ නාමය හා තනතුර වංචනිකව යොදා ගනිමින් වට්ස්ඇප් පණිවුඩ හරහා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලීමේ සංවිධානාත්මක ජාවාරමක් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.

“DGC Mr. Nonis” යන නමින් වූ වට්ස්ඇප් අංකයකින් බැංකු ගිනුම් අංක ද සඳහන් කරමින් සහ විවිධ හේතු දක්වමින් මෙම ඉල්ලීම් කරන බවත් මෙම වංචනික පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන්ට හසු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සඳහන් කළා.

එවැනි ඉල්ලීමක් ලදහොත් ලඟම ඇති පොලිස් ස්ථානයට දන්වා සිටින ලෙස ඉල්ලා සිටින බව ද සීවලී අරුක්ගොඩ මහතා පැවසුවා.

Related posts

පොහොට්ටුවේ මතයට විරුද්ධවී වෙනත් අපේක්ෂකයන්ට සහය දක්වන සාමාජිකයන්ට විනය පියවර ගන්නා බව ලිඛිතව දැනුම් දෙයි.

Editor O

ට්විටර් ගැන අලුත් ආරංචියක්

Mohamed Dilsad

වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක ණයවර ලිපි විවෘත කරලා – මහ බැංකු අධිපති

Editor O

Leave a Comment