Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන කෙටුම්පත කතානායක විසින් සහතික කරයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (17) සිය සහතිකය සටහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායකවරයා විසින් සිය සහතිකය එලෙස සටහන් කර ඇත. පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ඊයේ (17)  ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමෙන් අනතුරුව සංශෝධන රහිතව විශේෂ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. 

මෙම පනත් කෙටුම්පත 2025 ජනවාරි 9 වැනි දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)  පනත ලෙස බලාත්මක වේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

தாதியர்கள் சுகயீன விடுமுறைப் போராட்டத்தில்

Mohamed Dilsad

இன்று வைத்தியர்கள் அடையாள வேலைநிறுத்தம்

Mohamed Dilsad

Leave a Comment