Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන කෙටුම්පත කතානායක විසින් සහතික කරයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (17) සිය සහතිකය සටහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායකවරයා විසින් සිය සහතිකය එලෙස සටහන් කර ඇත. පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ඊයේ (17)  ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමෙන් අනතුරුව සංශෝධන රහිතව විශේෂ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. 

මෙම පනත් කෙටුම්පත 2025 ජනවාරි 9 වැනි දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)  පනත ලෙස බලාත්මක වේ.

Related posts

‘Captain Tissa’ arrested: Remanded until June 23

Mohamed Dilsad

අගමැති ඉවත්වෙයි?

Mohamed Dilsad

ரமழான் பண்டிகையை முன்னிட்டு வர்த்தக சந்தை ஒன்று ஏற்பாடு

Mohamed Dilsad

Leave a Comment