Trending Newsඑසැන පුවත්දේශීය

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ පොලී අනුපාතයක් ලබාදීමට අයවැය යෝජනාවක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.

ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රු මිලියන 15,000ක් වෙන් කෙරෙන අතර, එය 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

Related posts

ගතවූ මාසයේ කොවිඩ්-19 රෝගීන් ප්‍රජාව තුලින් වාර්තා නොවීම සතුටට කාරණයක්

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණයෙන්, ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවරයින් කොටසකට වන්දි ගෙවා අවසන් – ජනාධිපති

Editor O

Special Committee appointed to investigate content in school textbooks

Mohamed Dilsad

Leave a Comment