Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති දෙකක්, ඇමරිකා රජය විසින් අත්හිටුවයි

ඇමරිකා එක්සත් ජනපදයේ අරමුදල් මත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කර තිබේ. ඇමරිකානු රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කර ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් පිහිටවන ලද මෙම ආයතනය ලොව අංක එකේ ධනවත් ප්‍රකෝටිපතියා වන ඊලොන් මස්ක් විසින් ප්‍රධානීත්වය දරයි. ඇමෙරිකානු අරමුදල් යෙදවීම නාස්තියක් බව සලකමින් ලොව පුරා ක්‍රියාත්මක වන ව්‍යාපෘති 199ක් නවතා දැමීමට ට‍්‍රම්ප් පාලනය යටතේ ඇමරිකානු රජය තීරණය කර තිබේ.

එලෙස නවතා දමන ලද ව්‍යාපෘති අතරට ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකද අයත්ය. දේශගුණ විපාරයාස වලට ඔරොත්තු දීම පිළිබඳ වූ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් සහ සන්නිවේදනය පිළිබඳ වැඩමුළු පැවැත්වීම සඳහා ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක්ද මෙසේ අත්හිටුවා තිබේ.

Related posts

අයහපත් කාලගුණය නිසා පවුල් 32 කට බලපෑම්

Mohamed Dilsad

Malaysian Police detain 5 more over alleged links to LTTE

Mohamed Dilsad

Railway strike called off

Mohamed Dilsad

Leave a Comment