Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි කප්පාදුව ගැන තීරණයක්

විදුලි කප්පාදුව, හෙට (13) දිනයේ සිදුකරන්නේ ද නැද්ද සම්බන්ධයෙන් හෙට (13) උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් හෙට ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරතන මහතා කියා සිටියේය. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 03ක් තවදුරටත් අක්‍රීයව පැවතීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගාවොට් 900කට ආසන්නයි.

මේ වනවිට ජල විදුලි උත්පාදනය 30%ක මට්ටමක පවතින අතර පවතින ජලය කළමනාකරණය කර ගනිමින් විදුලි සැපයුම කළමනාකරණයට පියවර ගන්නා බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර, පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ විදුලිය බිද වැටීම සම්බන්යෙන් පූර්ණ වාර්තාවක් දෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.

එම කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව ලැබීමෙන් පසු එය අධ්‍යනය කර යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බලන බවයි.

Related posts

Trump targets legal migrants who get food aid

Mohamed Dilsad

EXCLUSIVE: Latest EIU Report Forecasts Rajapaksa’s Party Will Win Sri Lanka’s Next Presidential And Parliamentary Polls

Mohamed Dilsad

ஞானசார தேரர் தொடர்பில் அதிரடி உத்தரவு பிறப்பித்த நீதிமன்றம்

Mohamed Dilsad

Leave a Comment