Trending Newsඑසැන පුවත්දේශීය

ජනවාරි මාසයේ දී වෙඩි තැබීමේ සිද්ධීන් 13ක්

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධින් 13ක් වාර්තා වූ බව පොලීසිය පවසයි. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා පැවසුවේ මෙම වැඩි තැබීමේ සිදුවීම්වලින් 07ක් සංවිධානාත්මක අපරාධකරුවන් සිදුකර ඇති බවය. සෙසු සිදුවීම් 06 යම් යම් සිදුවීම් මත පුද්ගලිකව ඇති වූ ආරවුල් මත සිදුවූවක් බවද ඔහු පැවසීය.

අදාළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එහිදී පුද්ගලයින් දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම මෙම සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ටී 56 ගිනිඅවි 03ක්, පිස්තෝල ගිනිඅවි 05ක්ද, පොලිස් භාරයට ගෙන තිබේ. එමෙන්ම මෙම ඝාතන සඳහා යොදාගත් යතුරුපැදි 04ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Related posts

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීම කුඩා ව්‍යාපාරවල දියුණුවට බාධාවක් – ජනපති

Mohamed Dilsad

අධාරකරුවන්ට සංග්‍රහ පවත්වන්න මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් සපයන හෝටල් හිමිකරුවන් වෙත අවවාදාත්මක ලිපි.

Editor O

இன்றைய வானிலை

Mohamed Dilsad

Leave a Comment