දේශීය

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීම කුඩා ව්‍යාපාරවල දියුණුවට බාධාවක් – ජනපති

(UTV | කොළඹ) – රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බවත් අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශකර සිටියේ රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

රූපලාවන්‍ය සහ කේශාලංකරණ ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කිරීම, මූල්‍ය පහසුකම් සැලසීම සහ වෙළඳ ප්‍රවර්ධන හැකියාව ලබාදීම රජයේ වගකීම බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහය රූපලාවන්‍ය ක්ෂේත්‍රයට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟ වී තිබේ.

සුළු, මධ්‍ය හා මහා පරිමාණ රූපලාවන්‍ය මධ්‍යස්ථාන 90,000 ක් රට පුරා ඇති අතර, ලක්ෂ හතරහමාරකට අධික පිරිසක් ඒවායේ සේවයේ නිරත වෙයි.

ඔවුන්ගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 15ක් පමණ වේ. රූපලාවන්‍ය ක්ෂේත්‍රය වෘත්තියක් ලෙස ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය පුහුණුව ලබාදීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇත.

ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලාවේ (NVQ) 05, 06 සහ 07 අදියර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙස ජනපතිතුමා එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

Related posts

බස්නාහිර හුදෙකලා නොමැති ප්‍රදේශවල 11 වන ශ්‍රේණිය ලබන 25 ඇරඹේ

Mohamed Dilsad

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ගේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් මාසයේදී

Mohamed Dilsad

ආපදා සහන සේවාවලදී, ආණ්ඩුවේ දේශපාලකයින්ගෙන්, ග්‍රාම නිලධාරීන්ට බලපෑම්

Editor O

Leave a Comment