Trending Newsඑසැන පුවත්දේශීය

රෑට – රෑට ගිනි ගන්න කොළඹ නගරයේ ගොඩනැගිල්ල

කොළඹ පිහිටි උසම ගොඩනැගිල්ල ලෙසින් සැලකෙන ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී ගිනිගැනීම පිළිබඳව ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට මූලික විමර්ශන ආරම්භ කර ඇත. ඒ් අනුව ‘ක්‍රිෂ්’  ගොඩනැගිල්ල ගිනිගැනීමට ලක්විය හැකි කරුණු කිහිපයක් ඔවුන් විසින් අනාවරණය වී තිබේ.

ගොඩනැගිල්ලේ යකඩ කොටස් ගෑස් කටර් උපයෝගී කරගනිමින් අනාරක්ෂිතව කපා ඉවත්කිරීම ගිනි ගැනීමට හේතුවක් බවත් අනාවරණය වී තිබේ. ඒ අනුව නැවත එලෙස ගෑස් කටර් උපයෝගී කරගනිමින් යකඩ කපා ඉවත් නොකරන ලෙස අදාළ අංශවලට ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක්ද  කැඳවා තිබේ. ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ 35වන මහල පෙරේදා (6) ගිනිගත් අතර, පසුව ඊයේ (7) 24වන මහලේ ද ගින්නක් ඇතිවිය. ඒ හේතුවෙන් ගින්න නිවීම සදහා ගිනිනිවන රථ 3 බැගින් රථ 6ක් අවස්ථා දෙකේදීම යොදාගැනීමට ගිනිනිවන දෙපාර්තමේන්තුවට සිදුවිය.

මේ අතර ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ ආරක්ෂාව මේ වනවිට තරකර ඇති අතර, ඒ සඳහා පොලිස් නිලධාරීන් 20කගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බව වාර්තා වේ.

Related posts

ඇදිරි නීතිය කඩ කරමින් රාති‍්‍රයේ සැරිසන පිරිස් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ කටයුතු අරඹයි

Mohamed Dilsad

உரத்தை இலவசமாக வழங்கி நீரிழிவு நோயாளிகளின் எண்ணிக்கையை மாத்திரமே அதிகரிக்க முடியும்

Mohamed Dilsad

காணாமல்போன மீனவர்கள் கண்டுபிடிப்பு

Mohamed Dilsad

Leave a Comment