Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ 159 ට දෙවෙනි වතාවටත් දවල් තරු පෙනෙයි. – රවී කරුණානායක දෙවෙනි යෝජනාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වාහන බලපත්‍ර හෝ රජයේ වාහන ලබාදීම අත්හිටුවිය යුතු බවට පාර්ලිමේන්තුවට මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. දැනටමත් රජය වාහන බල බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති නමුත් රජය විසින් වාහනයක් මන්ත‍්‍රී ධුරය දරන කාලසීමට ලබාදීමට සාකච්ඡා කරමින් සිටී.

නමුත් නව මන්ත්‍රී යෝජනාවෙන් මන්ත්‍රීවරුන් තමන්ගේ ප්‍රවාහන පහසුකම් තමන් විසින්ම සලසා ගත යුතුව තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම යෝජනාව පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සකසා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන යෝජනාවද ඊයේ (07) දිනයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර එය ඉදිරිපත් කරන ලද්දේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසිනි.

Related posts

පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ

Mohamed Dilsad

ලෝටස් වටරවුම තාවකාලිකව වසයි

Mohamed Dilsad

කුඩු සුරංග අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment