Trending Newsඑසැන පුවත්දේශීය

දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා අද (03) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි.

1940 වසරේ යාපනයේ දී උපත ලැබූ කන්දයියා බාලේන්ද්‍ර හෙවත් කෙන් බාලේන්ද්‍ර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. සිය පළමු රැකියාව ලෙසින් වැවිලිකරුවෙකු ලෙස ඔහු ෆින්ලේස් සමූහයට එක්ව තිබේ.

ජෝන් කීල්ස් සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ බාලේන්ද්‍ර මහතාහට ශ්‍රී ලංකාවේ ඉහළම සිවිල් ගෞරව නාමය වන “දේශමාන්‍ය” නාමය 1998 දී හිමි විය. වර්ෂ 2003 සිට 2008 දක්වා ලංකා දුම්කොළ සමාගමේ සභාපතිවරයා ලෙස සේවය කළ ඔහු, මිට අමතරව ලංකා බැංකුවේ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපත්වරයා ලෙස ද කටයුතු කර ඇත.

ඔහු 2000 වසරේ දී ශ්‍රී ලංකාවේ පෝලන්ත කොන්සල් ජනරාල්වරයා ලෙසද පත් කරනු ලැබීය. මෙරට ව්‍යාපාරික ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ද ජ්‍යෙෂ්ඨයා වූ කෙන් බාලේන්ද්‍ර මහතා මිය යන විට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 11 වන තැනට විශාලතම කොටස් හිමියා විය.

Related posts

North Korea fires ‘new short-range missile’ into sea, S Korea says

Mohamed Dilsad

ග්‍රෑන්ඩ්පාස්වල මනුෂ්‍ය ඝාතනයක්

Mohamed Dilsad

பணிப்புறக்கணிப்பு தினம் குறித்து இன்று தீர்மானம்

Mohamed Dilsad

Leave a Comment