Trending Newsඑසැන පුවත්දේශීය

පුෂ්පා රම්‍යා ද සොයිසා ට ජාත්‍යන්තර සම්මානයක්

ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා ට, “ලෝක සම්මානයක් හිමි කර ගත් ප්‍රථම හෙද නිලධාරිනිය” බවට පත් වූවාය. පුෂ්පා රම්‍යා ද සෙයිසා මෙනෙවිය එම සම්මානය ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ට්‍රැවිස් හෝටලයේ දී ලෝකයේ රටවල් 52 ක නියෝජිතයන් පිරිසක් සහභාගීත්වයෙන් පැවති ලෝක සාම සමුළුවේ දී පුෂ්පා රම්‍යා ද සොයිසා වෙත ”කිංග් සනී විජයා ජාත්‍යන්තර සම්මානය” පිරි නමා තිබුණි .

මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනකු වන කළාවේදිනී ජානකී හිල් , ආචාර්ය අයි.වයි.එම්.අනීෆ් සහ අජිත් ආරියරත්න ද මෙම සමුළුවේ දී සම්මානයට බදුන් වී තිබූ අතර ඔවුන් ශ්‍රී ලංකාව තුළ දිගු කාළීන සිදු කළ සමාජ සේවා කටයුතු අගය කිරීම සදහා මෙම සම්මාන ඔවුන් වෙත ලබා දී තිබුණි .

මොවුන්ට ඉන්දුනීසියාවේ සැනී විජය රජතුමාගේ 95 වැනි උපන් දින උත්සවය ලෝකයේ ආරාධිත රාජතාන්ත්‍රිකයන් 2,500 කගේ සහභාගීත්වයෙන් , මෙම ලෝක සමුළුවට සමගාමිව පවත්වා තිබූ අතර , ඒ සදහා ද මෙම ශ්‍රී ලාංකිකයන් වෙත ආරාධනා හිමි වී තිබුණි .

Related posts

රට වැහීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ

Mohamed Dilsad

ලොවම යහපත් කළ හැකි බුදු දහමේ වැදගත්කම ජනපති පෙන්වා දෙයි

Mohamed Dilsad

World’s most advanced research vessel arrives in Colombo

Mohamed Dilsad

Leave a Comment