Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට තෑග්ගක්

මෙම වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව වාර්තා වෙයි.පසුගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇති බවය.2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසින්ය.

එම අයවැයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක් වෙන් කර ඇත.

ඉන්දීය අයවැයෙන් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල ලෙස දැක් වුණේ ඉන්දීය රුපියල් කෝටි 2,150ක මුදලකි. එම මුදල වෙන් කර තිබුණේ භූතානය වෙනුවෙන්ය.

ගියවර ඉන්දීය අයවැයෙන් භූතානය වෙනුනෙන් ඉන්දීය රුපියල් කෝටි 2,068ක මුදලක් වෙන්කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දුනි

Related posts

බිත්තර ආනයනය ට පනවා ඇති බදු සංශෝධනයට පියවර

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 22,000 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

ஜப்பானிய ராஜாங்க அமைச்சர் இலங்கை வந்தார்

Mohamed Dilsad

Leave a Comment