Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඇමෙරිකා ජනාධිපතිගේ තීරණයකින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට කෙඳිරි ගෑවෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදය විදේශයන්ට ලබා දෙන මූල්‍ය සහාය තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා දුන් විධායක නියෝගයෙන් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කේන්ද්‍ර කරගත් රැකියා විශාල සංඛ්‍යාවක් අවදානමට ලක්ව ඇත.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයෙන් ආධාර ලබන සංවිධානවලට මෙම තත්ත්වය මූලික වශයෙන් බලපා ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන ක්‍ෂේත්‍රයේ නිලධාරියෙක් පැවසීය.

ඇමෙරිකාව විදේශවලට ලබා දී ඇති මූල්‍ය සහාය දින 90කට තාවකාලිකව අත්හිටුවීමට දුන් නියෝගය නිසා ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පැවති ආධාර ලැබූ ව්‍යාපෘති රැසක් ම මේ වන විට අතරමග නතර කර ඇතැයි කී හෙතෙම ඒවා යටතේ වැටුප් ලැබූ කොන්ත්‍රාත් පදනමින් යුත් සේවකයන්ගේ රැකියා අවදානමට පත්ව ඇතැයි කීය.

මෙහිදී අමෙරිකාව විදේශවලට ලබා දී ඇති සියලු ම මූල්‍ය සහාය ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියට අනුකූලදැයි දින 85ක් තුළ සමාලෝචනයක් සිදුවන්නේ යැයි ද එම කාලය තුළ මෙම ව්‍යාපෘති තාවකාලිකව නතර කිරීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය.

මෙසේ ඇමෙරිකානු ආධාර ලබන සංවිධාන රැසක් කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන අතර නවාතැන් පහසුකම්, ප්‍රවාහන කටයුතු, ආහාර පාන සැපයුම ආදී වශයෙන් ඒවායෙන් සෘජුව හා අනියමින් ජීවන මාර්ග සලසාගන්නා පිරිස දහස් ගණනකි.

Related posts

බස්නාහිර පාසල්වල ශ්‍රේණි තුනක් ඇරඹේ

Mohamed Dilsad

தற்போதைய சூழ்நிலை தொடர்பான ஒத்திவைப்பு விவாதம் இன்று

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීට කෝටි 02ක ලංසුවක්

Editor O

Leave a Comment