Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීට කෝටි 02ක ලංසුවක්

ආණ්ඩුවට බහුතරයක් නොමැති පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් සඳහා මේ වන විට රු. ලක්ෂ 25 බැගින් ලංසු නියම වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

එම මන්ත්‍රීවරුන් තමන් මුදලට විකිණෙන්නට සූදානම් නොමැති බව අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. එසේම කොළඹ මහ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකුට රු. කෝටි දෙකක් දක්වා ලංසු තබා ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.

මෙතෙක් හොරු යැයි කී පිරිස් සුද්ද කරමින් හෝදමින් තමන්ගේ පාර්ශ්වය වෙත ලබා ගැනීමට සැරසෙන බව ද පසුගිය ආණ්ඩු ද සිය බලය අහිමි වන විට කෙසේ හෝ බලය රැකගැනීම උදෙසා මෙලෙස හැසිරුණු බව දයාසිරි ජයසේකර සඳහන් කරයි. ඊයේ (08) පාර්ලිමේන්තුව අමතමින් දයාසිරි ජයසේකර මේ බව කීය.

Related posts

European Union warns Sri Lanka over death penalty implementation

Mohamed Dilsad

பணிப்புறக்கணிப்பு முன்னெடுக்கப்படுவது உறுதி

Mohamed Dilsad

Yemen separatists begin withdrawing from Aden after Saudi order

Mohamed Dilsad

Leave a Comment