දේශීය

බස්නාහිර පාසල්වල ශ්‍රේණි තුනක් ඇරඹේ

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 5,11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (15) ආරම්භ කෙරිණි.   

එමෙන්ම අනෙකුත් පළාත්වල සියලු ශ්‍රේණි සඳහා අද පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සෑම පාසලකම ගිලන් කාමරයක් සකස් කරන ලෙසට අධ්‍යාපන බලධාරින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

එම පළාතේ පාසල්වල සෙසු ශ්‍රේණි විවෘත වන්නේ ලබන අප්‍රේල් 19 වනදායි.

මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සිසුන්ට පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉල්ලා සිටියේය.

 

Related posts

කච්චතිව් වාර්ෂික මංගල්‍යට සියල්ල සුදානම් කෙරේ

Mohamed Dilsad

ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය බලශක්තියෙන් ලොකු පිම්මක් පනී

Editor O

රාජගිරියේ මාරක රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment