දේශීය

කොවිඩ් 19 අරමුදලේ ශේෂය මිලියන 866 ඉක්මවා යයි

(UTV | කොවිඩ් 19 ) – මේ වන විට COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 866 ඉක්මවා ඇත.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ මෙහි ශේෂය ඉහළගොස් තිබෙන අතර , ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී තිබේ. නීත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකියාව පවතියි.

 

Related posts

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

අන්තරේ ට ස්ථාන දෙකකදී ජල ප්‍රහාර

Mohamed Dilsad

“හෙට වැඩට එන්න එපා” – අගමැති රජයේ සේවකයන්ට කියයි

Mohamed Dilsad

Leave a Comment