Trending Newsඑසැන පුවත්දේශීය

පරීක්ෂාවෙන් තොරව වරායෙන් නිදහස් කළ බහාලුම් ගැන සමගි ජන බලවේගයෙන් අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්

කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් පරීක්ෂාවකින් තොරව මුදාහැරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මේවා ගෙනාවේ කවුද ? මේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරික පිරිසකගේ කන්ටේනර්ද මේවා ? එක පැත්තකින් කෝටි ගාණක බදු මුදලක් අහිමි වෙලා තියෙනවා. මේ කන්ටේනර්වල මොනවා තිබෙන්න ඇතිද ? අයිස් තියෙන්න පුළුවන්, කොකේන් තියෙන්න පුළුවන්, හෙරොයින් තියෙන්න පුළුවන්, ගංජා තියෙන්න පුළුවන්, ආයුධ තියෙන්න පුළුවන්. කඳවුරුවලින් ආයුධ නැතිවෙන කාලේ ආයුධ කන්ටේනරයක්ද තිබ්බෙ ? අපට සැකයක් තියෙනවා යම් පුද්ගලයින්ට අල්ලස් දීලා මෙහෙම දෙයක් සිදු කරලා තියෙනවාද කියලා”

Related posts

කලාකීර්ති එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

இலங்கை இராணுவ தலைமையகம் ஜனாதிபதியினால் திறப்பு

Mohamed Dilsad

Demi Lovato sorry about free Israel trip after facing fan flak

Mohamed Dilsad

Leave a Comment