Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මෝටර් රථ ආනයනයට අදාළ බදු විස්තර මෙන්න

මෝටර් රථ ආනයනයට අදාළ ගැසට්ටුව පෙබරවාරි මාසය අතුළත නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල් කාරක සභාවට පෙරේදා (28 වැනිදා) දැනුම් දී තිබේ. මෙම දැනුම්දීම කර ඇත්තේ එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී ය.

එලෙස ආනයනය කරන කාර් රථවලට බදු වර්ග හතරක් අයත් වෙයි. සියයට 18% අගය එකතු කිරීමේ බදු (වැට්) සියයට විස්සක රේගු බදු, නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී බදු වශයෙනි.

නිෂ්පාදන බදු ඇතුළත් කිරීමේ දී රේගු බදු ඇතුළත් නොකෙරෙන බවට 2018 වසරේ හඳුන්වා දී තිබූ රෙගුලාසිය මේ වන විට ඉවත් කර තිබෙන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දන්වා තිබේ. මෙවර වාහනවලට නිෂ්පාදන බදු අය කිරීමේ දී සියයට හයක පමණ වැඩිවීමක් ඇතැයි ද එලෙස බදු සැකසෙන්නේ කැබිනට් මණ්ඩලය අනුමත සූත්‍රයක් අනුව යැයි ද දැනුම් දෙනු ලැබ ඇත.

මෝටර් රථ ගෙන්වන ගැසට්ටුව නිකුත් කෙරෙන්නේ පෙබරවාරි මස පළමු වැනිදා සිට ද යනුවෙන් කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා කළ විමසුමට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසා ඇත්තේ එම මාසය අතුළත එම ගැසට්ටුව නිකුත් කරන බව ය.

Related posts

වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කෙරේ

Mohamed Dilsad

தேங்கிக் கிடக்கும் குப்பைகளை நாளைய(12) தினத்திற்குள் முழுமையாக அகற்ற நடவவடிக்கை

Mohamed Dilsad

Pakistan fight back after Sri Lankan bowlers shine in second Test

Mohamed Dilsad

Leave a Comment