Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

තවත් ගුවන් අනතුරක් : යානා දෙකක් ගුවනේදී ගැටේ

අමෙරිකානු  කලාපීය ජෙට් යානයක් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපොළට ළඟා වෙමින් තිබියදී සිකෝර්ස්කි එච් -60 හෙලිකොප්ටරයක් ​​සමඟ ගුවනේදී ගැටීමෙන් යානා දෙකම කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැවසුවේ, පීඑස්ඒ ගුවන් සේවයේ කලාපීය ජෙට් යානය කැන්සාස් හි විචිටා සිට පිටත්ව ගිය යානයක් බවයි. අනතුරට පත් ජෙට් යානයේ මගීන් 65 දෙනෙකු දක්වා ගමන් කළ හැකි බව සඳහන්.

අමෙරිකානු ගුවන් සේවයේ වෙබ් අඩවියට අනුව, අනතුර සිදුවූ ගුවන්තොටුපළට මායිම්ව ඇති පොටොමැක් ගඟේ මේ වන විට සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි. මෙහෙයුමට ජීවිත හානි පිළිබඳව ක්ෂණික ආරංචියක් නොමැති බව රොයිටරිස් පුවත් සේවය පවසනවා.

කෙසේ වෙතත් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළේ සියලුම ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් නවතා දමා ඇති බව සඳහන්. අමෙරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පවසා ඇත්තේ සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු රැස් කරමින් සිටින බවයි.

Related posts

තවත් කොරෝනා ආසාදිතව සිටි 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

2020 Presidential Candidate: Gotabaya refutes social media claims

Mohamed Dilsad

බලපත්‍ර නොමැති ගිනිඅවි භාරදීමට කාලසීමාවක්

Mohamed Dilsad

Leave a Comment