Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා, රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබිණ. සිද්ධියට අදාළ නඩුව පෙබරවාරි මස 3වනදා යළි කැඳවීමට නියමිතය.

මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා මෙම මස ඉකුත් 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුළ බවට තොරතුරු වාර්තා විය.

පසුව අනුරාධපුර පොලීසිය මගින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ,

Related posts

රේගුවෙන් රඳවාගෙන ඇති විද්‍යුත් වාහන 506ක් කොන්දේසි සහිතව මුදාහැරේ

Editor O

Madras High Court questions rationale in deporting man sent back by Australia to Sri Lanka

Mohamed Dilsad

அக்குரஸ்ஸயில் பேரூந்துகள் இரண்டு நேருக்கு நேர் மோதி பயங்கர விபத்து – 52 பேர் காயம்

Mohamed Dilsad

Leave a Comment