Trending Newsඑසැන පුවත්දේශීය

රවී කරුණානායක ට සහ අර්ජුන් අලෝසියස් ට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කරයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් මැයි මස 28 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (29) නියම කළේය.  මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය අභියෝගයට ලක් කරමින් තම සේවාදායකයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බව පැවසීය. ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා දීර්ඝ දිනයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබුණි. ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරුවරයා මෙම නඩුව යළිත් මැයි මස 28 වනදා කැඳවීමට නියෝග කළේය.

Related posts

රවීගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න අභියාචනාධිකරණය දින ලබාදෙයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යළි පාර්ලිමේන්තුවට එයිද…?

Editor O

கராபிட்டியவில் புற்றுநோய் நிவாரண மையம்

Mohamed Dilsad

Leave a Comment