Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පාඩු ලබන රාජ්‍ය ආයතනවලට මාලිමා ආණ්ඩුව කරන්න යන දේ

රටට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට එක් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ පැවති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කරන ලදී.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය. “පැරණි කෝණයෙන් අපි මේ ආයතන දෙස බලන්නේ නැහැ. මේ ආයතන ව්‍යුහාත්මක වෙනසකට අපි ලෑස්තියි. විශේෂයෙන්ම අපි දැනට අධ්‍යයනය කරමින් ඉන්නවා. මෙම ආයතනයන් ඒකාබද්ධ කර හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන් ද කියලා. විශේෂයෙන්ම සංස්ථා සහ මණ්ඩල පිළිබඳ අපි හිතන්න සූදානම්.

මම විවෘතව කියන්නම්. සමහර ආයතන තිබෙනවා.. එකම කාර්යය කිරීම සඳහා ආයතන කිහිපයක් තිබෙනවා. මං හිතනවා.. සමහර ආයතන අපිට වසා දාන්න වෙයි. සමහර ආයතන ඒකාබද්ධ කරන්න වෙයි. සමහර ආයතනවල විශය පථය වෙනස් කරන්න වෙයි. ඒ හඳුනාගැනීම් මේ දිනවල කරගෙන යනවා”

Related posts

President says that it is a shame failing to identify the true identity of the terrorist and a war hero

Mohamed Dilsad

Disciplinary action against SLFP Parliamentarians who crossed over

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංවීම ඇතුළු ආයතන රැසක් පාඩු ලබයි.

Editor O

Leave a Comment