Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා, වෝන් – මුරලි කුසලාන පළමු ටෙස්ට් තරඟය අද

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත, වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (29) ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන වෝන් – මුරලි කුසලානය කණ්ඩායම් දෙකේ නායකයින් විසින් ඊයේ (28) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැගෙන ආවේ ඉතාමත් විචිත්‍රවත්වූ මෙරට සංස්කෘතික ඉදිරිපත් කිරීමක් මධ්‍යයේය.

මෙවර ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක පැට් කමින්ස් පෞද්ගලික හේතුවක් මත  මෙම තරගාවලියට එක් නොවන අතර කණ්ඩායම මෙහෙයවන්නේ ස්ටීව් ස්මිත් විසිනි.

මේ අතර ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හෙට ඇරඹෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ නැත. ඒ වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ඖෂධ ප්‍රනාන්දු කටයුතු කරනු ඇති. ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය අද (29) පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය.

Related posts

“Compensation for those impacted by disturbances” – Prime Minister

Mohamed Dilsad

කලාපීය ආර්ථිකය ගැන ජනපති කළ ප්‍රකාශය

Mohamed Dilsad

පවිත්‍රාගේ සහාය රනිල්ට

Editor O

Leave a Comment