Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන ඉන්දියාව, ශ්‍රී ලංකා රජයට අප්‍රසාදය පළ කරයි.

උතුරු මුහුදේදී ඉන්දීය ධීවරයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර ඇත. ඒ නවදිල්ලි ශ්‍රී ලංකා වැඩ බලන මහකොමසාරිස්වරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවමිනි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ජීවනෝපාය ගැටලු සැලකිල්ලට ගනිමින් ධීවරයින් පිළිබඳ ගැටළු මානුෂීය ආකාරයෙන් සලකා බැලිය යුතු බවය. බලය භාවිත කිරීම කිසිදු අවස්ථාවක් යටතේ පිළිගත නොහැකි බවත් මේ සම්බන්ධව ආණ්ඩු දෙක අතර පවතින අවබෝධතා දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාතශංශය පවසා ඇත.

ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු ඩෙල්ෆ් දූපත ආසන්නයේදී අත්අඩංගුවට ගැනීමේදී නාවික හමුදා සෙබලෙකු අතින් සිය ගිනිඅවිය ක්‍රියාත්මක වී ඉන්දීය ධීවරයින් තුවාළ ලබා තිබිණ. තුවාල ලැබූවන් යාපනය රෝහලට ඇතුළු කර ඇත.

Related posts

Archdiocese of Colombo receives Rs. 350 m to help Easter attack victims

Mohamed Dilsad

TID concludes probe over Kandy communal unrest

Mohamed Dilsad

பாகிஸ்தானை எதிர்கொண்டு வெற்றியை ருசித்த இந்தியா

Mohamed Dilsad

Leave a Comment