Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රතු කැකුළුවල සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කිරීමේ ජාවාරමක්

රතු කැකුළු සහල් වෙනුවට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වෙළෙඳපොළ තුළ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව ද සඳහන්ය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර පසුගිය දින කිහිපය තුළ පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 140කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කර තිබේ.

Related posts

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

நாட்டின் பெரும்பாலான பிரதேசங்களில் இடியுடன் கூடிய மழை…

Mohamed Dilsad

UN torture prevention body to visit Sri Lanka today

Mohamed Dilsad

Leave a Comment