Trending Newsඑසැන පුවත්දේශීය

අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට අවධානය

මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඒ පිළිබඳව අවධානය යොමු කර තිබේ.

මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීම ශ්‍රීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.  දැනට පවතින ඇතුළු වීමේ කවුන්ටර 20ක ප්‍රමාණයක් වත් එකතු විය යුතු බවට තීරණය වු අතර ඒ සඳහා අවශ්‍ය ස්ථාන නීරික්ෂණය කළේය.

තව ද පහසුකම් වැඩිදියුණු කර වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට ද අප ගුවන්තොටුපොළට ආරාධනා කරන්නට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇත. වසරකට මිලියන 12 ක පමණ ගුවන් මගීන් ප්‍රමාණයක් 2028 වන විට අපේක්ෂා කරන බැවින් ඊට සුදානම් වීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් ලබා දුනි.

Related posts

கொழும்பு பாதுகாப்பு மாநாடு இரண்டாம் நாள் இன்று

Mohamed Dilsad

Saudi King off to Indonesia with 459 tonnes of luggage

Mohamed Dilsad

Two vehicles linked to ‘Makandure Madush’ seized

Mohamed Dilsad

Leave a Comment