Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලට තරඟ කිරීම ගැන මත දෙකක

ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ”අත” ලකුණ යටතේ ඉදිරිපත් විය යුතු බව පක්ෂ සංවිධායකවරු රැසක්, තම අදහස් ඉදිරිපත් කර තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ පක්ෂය මේ වන විට කොටස් කිහිපකට බෙදී ඇත.

මෙම තත්ත්වය තුළ එක් පාර්ශ්වයක් ”පුටුව” ලකුණින් ඉදිරි මැතිවරණ සඳහා තරග කළ යුතු බව පවසන අතර තවත් පාර්ශ්වයක් ”අත” ලකුණින් ඉදිරිපත්විය යුතු බව ට අදහස් පළ කර තිබේ.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නීත්‍යානුකූල භාවට පත්කර, ”අත” ලකුණ යටතේ ඉදිරිපත්විය යුතු බවයි බොහෝ පක්ෂ සංවිධායකවරු පිරිසක් පෙන්වා දී ඇත්තේ.

”අත” ලකුණ යටතේ ඉදිරිපත්විය යුතු බවට මීට වසර කිහිපයකට පෙරම පක්ෂ සංවිධායකවරු සඳහන් කළද පක්ෂ නායකත්වට සහ පත්වූ ලේකම්වරුන්ගේ විවිධ මත අනුව එය සිදු නොවින.

එහෙත් ඉදිරියේදී නිදහස් පක්ෂය යළි බලයක් ලබා ගනිමින් දේශපාලන ධාරාවේ සක්‍රීයව කටයුතු කිරීමට නම් ”අත” ලකුණ යටතේ තරග කළ යුතු බවයි සංවිධායකවරු සඳහන් කර ඇත.

Related posts

நாட்டின் பல பகுதிகளில் தொடர்ந்தும் மழையுடன் கூடிய காலநிலை

Mohamed Dilsad

இலங்கை அணிக்கு வெற்றி இலக்காக 234 ஓட்டங்கள்

Mohamed Dilsad

Nato summit to focus on Afghan conflict

Mohamed Dilsad

Leave a Comment