Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල පත් කරයි.

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ගාමිණී වික්‍රමපාල මහතා අද (20) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී සිය තනතුරේ පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු ලෙස සේවය කොට වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ගාමිණී වික්‍රමපාල මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසද, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ද මීට පෙර කටයුතු කළේය. එමෙන්ම ඒ මහතා ජාතික තරුණ සේවා සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් ද කලක් කටයුතු කළේය.

ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා පත්වීම් ලිපිය ලබා ගන්නා අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගි විය.

Related posts

මෝටර් රථ 2,000ක් රේගුවේ රඳවාගෙන…!

Editor O

“Did not select specific building for Agriculture Ministry” – Premier

Mohamed Dilsad

இராமநாதன் கண்ணன் என்பவர் மேல் நீதிமன்ற நீதிபதியாக நியமிக்கப்படுவதை தடுக்க வேண்டும் – மஹிந்த

Mohamed Dilsad

Leave a Comment