Trending Newsඑසැන පුවත්දේශීය

හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය

මේ වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම අත්සන් කර තිබෙනවා.

ඒ, සෞදි අරාබියාවේ ජෙඩාහි පිහිටි අසිලා හෝටල පරිශ්‍රයේ දී.එරට හජ් උප අමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් මහතා මෙම ගිවිසුමට අත්සන් කළ බව පැවසේ.

එමෙන්ම දෙරට අතර හජ් වන්දනා සමය ආශ්‍රිත පහසුකම් මෙන් ම බැතිමතුන්ගේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම පිළිබඳව ඉතා සාර්ථක ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් ද එහිදී පවත්වා තිබෙනවා.

මීට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය ෂෙයික් මුනීර් මුලෆ්ෆර්, රියාද්හි ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. එස්. එම් නවාස් සහ ජෙඩා හි ශ්‍රී ලංකා වැඩබලන කොන්සල් ජනරාල් මහ්ෆූසා ලෆීර් ඇතුළු මහත්වරුන් පිරිසක් එක්ව සිටියා.

Related posts

රජයේ පාසල් හෙට (01) ඇරඹේ

Editor O

Let’s talk, US Secretary Pompeo tells Iran

Mohamed Dilsad

வெடிப்புச் சம்பவங்களில் உயிரிழந்தவர்களுக்கு 10 இலட்சம் ரூபா இழப்பீடு..

Mohamed Dilsad

Leave a Comment