Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පොහොසත් රටේ ලස්සන ජීවිතය උදාවෙයි. ආනයනය කරන වාහන සඳහා බදු ප්‍රමාණය සියයට 300 සිට 500 දක්වා වැඩි විය හැකියි.

වාහන ආනයනයේදී, නවතම බදු සංශෝධන අනුව වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500% ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි. එලෙස වාහන මිල ගණන්වල වැඩිවීම කෙරෙහි වැට් ඇතුළු තවත් බදු වර්ග තුනක් ද බලපා ඇතැයි ද හෙතෙම කීවේය.

වැගන් ආර් වර්ගයේ රථයක පැවති රුපියල් ලක්ෂ 16ක පමණ වූ බද්ද නව සංශෝධනයෙන් රුපියල් ලක්ෂ 18දක්වාත්, විට්ස් වර්ගයේ මෝටර් රථයක් ආනයනයේදී පැවති රුපියල් ලක්ෂ 20ක පමණ බද්ද රුපියල් ලක්ෂ විසිහතරහමාර පමණ දක්වාත්, ටොයොටා ඇක්වා, කොරොල්ලා, ඇක්සියෝ වර්ගවල මෝටර් රථවල මෙතෙක් පැවති රුපියල් ලක්ෂ 57ක බදු රුපියල් ලක්ෂ 66ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවත් හෙතෙම පැවසීය.

“වාහනයේ වටිනාකම මත විශේෂ ආනයන බද්දක් පවතිනවා. ඊට අමතරව සු‍ඛෝපභෝගී බද්ද පවතිනවා, මේ තුනම එකතු කරලා සීඅයිඒෆ් වටිනාකමත් එකතුකරලා ඒකට උඩින් 18%ක වැට් එකතු වෙනවා. බදු වර්ග 04කින් තමයි වාහනයක බදු ප්‍රමාණය තීරණ වෙන්නේ.”

බදු ප්‍රමාණය 400%ත්, 500%ත් දක්වා වඩිවිය හැකියි. සමහර වාහන සඳහා 600% දක්වා වැඩිවෙන්න ඉඩ තියෙනවා

ප්‍රශ්නය – මේ හා සමානව වෙළෙඳපොළේ වාහන මිලත් ඉහළ යයිද?

පවතින වාහන වෙළෙඳපොළට වඩා මිල සුළු වශයෙන් ඉහළ යයි.

ප්‍රශ්නය – ජනතාවට බලාපොරොත්තුවක් තබාගන්න බැරිද වාහන මිලදී ගැනීම ගැන ?

ජනතාවට කියන්නේ කලබල වෙන්න එපා. වාහන ලංකාවට එනතුරු ඉන්න.

මෙරට ආර්ථිකය දරුණු කඩාවැටීමකට මුලපිරූ 2020 වසරේ මුල් භාගයේ සිට මෝටර් වාහන ඇතුළුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීමට හා සීමා පැනවීමට බලධාරීන් පියවර ගත්තේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන ක්‍රියාත්මක වීම සහ මෙරට විදේශ සංචිතවල ඇතිවූ වැඩිදියුණු වීමත් සමඟ ආර්ථිකය යථාතත්ත්වයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ ද එකඟතාව මත යළි වාහන ආනයනය කෙරෙහි මතුවූයේ සුබවාදී බලාපොරොත්තුවකි.

ඒ අනුව 2024 සැප්තැම්බර් මස 12 වැනිදා පැවති ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව සංයෝජිත වර්ගීකරණ සංඛේතාංක හෙවත් HS Codes 304ක් යටතේ මෝටර් වාහන සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන රෝද සහිත අයිතම ආනයනය සඳහා අදියර තුනක් යටතේ අවසර හිමිවිය.

ඒ, මේ වසරේ පෙබරවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදිය.

මෙවන් පසුබිමක මෝටර් වාහන ආනයනයේදී නව බදු සංශෝධන ඇතුළත් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය ඊයේ සිට බල පැවැත්වේ.

එමගින්, ඉන්ධන මගින් ක්‍රියාත්මක මෝටර් රථ මෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ ආනයනයේදී පැනවෙන නිෂ්පාදන බදු සිලින්ඩර ධාරිතාව සහ වාහනයේ ආයු කාලය පදනම් කරගනිමින් ඉහළ නංවා තිබේ.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ, වැගන් ආර් වර්ගයේ රථයක පැවති රුපියල් ලක්ෂ 16ක පමණ වූ බද්ද නව සංශෝධනයෙන් රුපියල් ලක්ෂ 18 ඉක්මවා යා හැකි බවය.

එමෙන්ම, විට්ස් වර්ගයේ මෝටර් රථයක් ආනයනයේදී පැවති රුපියල් ලක්ෂ 20ක පමණ බද්ද රුපියල් ලක්ෂ විසිහතරහමාර පමණ දක්වා ඉහළ යා හැකියි.

ටොයොටා ඇක්වා, කොරොලා, ඇක්සියෝ වර්ගවල මෝටර් රථවල මෙතෙක් පැවති රුපියල් ලක්ෂ 57ක බදු,

රුපියල් ලක්ෂ 66ක් පමණ දක්වා ඉහළ යන බව ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

.

Related posts

Tiger Woods in contention at Valspar Championship as Rory McIlroy misses cut

Mohamed Dilsad

ගිහාන් පිලපිටියගෙන් පෙත්සමක්

Mohamed Dilsad

බිත්තර මිල ඉහළ යෑමෙන් බේකරි නිෂ්පාදකයන් අර්බුධයක

Mohamed Dilsad

Leave a Comment