Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඊශ්‍රායලය, ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය විසින්, ගාසා තීරය ඉළක්ක කර එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ඊයේ (11) දිනයේදී ද සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේ උතුරු ජබාලියා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් එහි සේවකයෙකු ඇතුළු සරණාගතයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. නමුත්, සාම සාකච්ඡා සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගැනීමට දෙපාර්ශ්වයම කටයුතු කරන අතරතුර ඊශ්‍රායලය තවදුරටත් මෙලෙස තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කරයි.

මේ අතර, මොසාඩ් රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු සාමසාකච්ඡා පැවැත්වෙන කටාර් රාජ්‍යයට පිටත්කර හැරීමට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පියවර ගෙන තිබෙන බවද වාර්තා වේ.

Related posts

මාලිමාවේ ආසන සංවිධායකවරයෙක් අත්අඩංගුවට

Editor O

இலங்கை இராணுவ தலைமையகம் ஜனாதிபதியினால் திறப்பு

Mohamed Dilsad

මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ පද්ධතිය බිය කර රට පාලනය කිරීම හීනයක්

Editor O

Leave a Comment