Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රඳවා ගැනීමේ බද්ද 10%ක් කිරීමෙන් පාරිභෝගිකයෝ ගිණුම්වලින් මුදල් ඉවත් කර ගනිති

බැංකුවල තැන්පත් කර ඇති තැන්පතුවලට අය කරන රැඳවුම් බද්ද ඉහළ නැංවීමත් සමග තැන්පතු සැලකිය යුතු ලෙස බැංකුවලින් ඉවත් කරමින් ඇති බව වාර්තා වෙයි.

එම මුදල් වලින් කොටසක් කොළඹ කොටස් වෙළඳපොලේ හා වෙනත් ආයෝජන සඳහා යොමු කිරීමට නැත්පතුකරුවන් කටයුතු කරමින් සිටින බවද සඳහන්. කොළඹ කොටස් වෙළඳපළ ඉහළ ඉහළ යාමට මෙම තත්ත්වයද බලපා තිබේ.

බැංකුවල ස්ථාවර තැන්පතු පිටතට ඇදියාම හේතුවෙන් බැංකුවල ද්‍රව්‍යශීලීතාවය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී. බැංකු වලට පමණක් නොව, බැංකු නොවන පෞද්ගලික මූල්‍ය සමාගම් කිහිපයටත් මෙම අර්බුදය බලපා තිබේ. මෙහි දැඩි බලපෑමට ලක්ව තිබෙන්නේ සීමිත ශාකා ප්‍රමාණයක් පවත්වාගෙන යන පෞද්ගලික බැංකු සහ පෞද්ගලික මූල්‍යායතනවලට බවද ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති. එම ආයතනවල දෛනික ද්‍රවශීලතාවය පවත්වාගෙන යෑම ද ඇතැම් දිනවල ගැටළු සහගත තත්ත්වය පත්වීමට සිදුව ඇතැයි ද වාර්තාවේ.

මෙරට බැංකු තැන්පතු මිලියන 65ක් පමණ ඇති අතර ඒවායේ මුළු තැන්පත් මුදල් ප්‍රමාණය බිලියන 1700ක් පමණ වෙයි.

Related posts

Google removing 100 ‘bad’ ads every second for violating policies

Mohamed Dilsad

சுரிநாம் ஜனாதிபதிக்கு சிறை தண்டனை

Mohamed Dilsad

தபால் ஊழியர்களின் ஆர்ப்பாட்டத்தால் போக்குவரத்துக்கு தடை

Mohamed Dilsad

Leave a Comment