Trending Newsඑසැන පුවත්දේශීය

කම්කරු අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යන පාඨය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීමට අදාළව නීතිමය පියවර ගන්නා බව කම්කරු අමාත්‍යංශය ප්‍රකාශ කරයි. රජය විසින් අනුමත කරන ලද අර්ධකාල වැඩ යනුවෙන් දක්වා, දෛනිකව රුපියල් පනස් පන්දහසක ආදායමක් උපයාගත හැකි බව එම දැන්වීමේ සඳහන්. 

ඊට අමතරව මාර්ගගත සම්මුඛ පරීක්ෂණ පවත්වන බවත් දෛනික වැටුප් ගෙවන බවත් එහි දක්වා තිබේ. එම නිවේදනයට අදාළව මාර්ගගත රැකියා අපේක්ෂකයන්ගේ ජීව දත්ත තොරතුරු ඇතුළත් කරන ලෙසද එහි සඳහන්.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය යන පාඨය භාවිත කරමින් සහ රාජ්‍ය ලාංඡනය යොදාගනිමින් නිර්මාණය කර ඇති එම දැන්වීම සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍ය බවයි කම්කරු අමාත්‍යංශය පැවසුවේ. එමෙන්ම එවැනි දැන්වීමක් සිය අමාත්‍යංශය විසින් පළ කර නොමැති බවද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පැවසුවා. 

රජයේ අමාත්‍යංශ විෂය පථයන්ට අනුව විදේශ රැකියා විෂය පථය කම්කරු අමාත්‍යංශයට අයත් වන්නේ නැහැ. ඒ අනුව එම ව්‍යාජ සහ අසත්‍යය දැන්වීමට අදාළව පුද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස, කම්කරු අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

பிரேஸிலின் முன்னாள் ஜனாதிபதியின் பிணை கோரிக்கை நீதிமன்றினால் நிராகரிப்பு பு

Mohamed Dilsad

පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර මිල ඉහළ දමයි

Editor O

President instructs to release lands without impeding national security

Mohamed Dilsad

Leave a Comment