Trending Newsඑසැන පුවත්දේශීය

අධික වේගයෙන් යන රියදුරන් අල්ලන්න පොලීසියට අලුත් භාණ්ඩයක්

අධික වේගයෙන් වාහන ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඇමරිකාවේ නිෂ්පාදිත නවීනතම වේග මාපක භාවිතා කිරීමට පියවර ගෙන තිබේ.

ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන මෙම වේග මාපක විශේෂයෙන් රාත්‍රී රථ වාහන මෙහෙයුම් සඳහා ද භාවිතා කිරීමට හැකිවන පරිදි නිෂ්පාදනය කර ඇතැයි සඳහන්.

මීගමුව, කැලණිය සහ ගම්පහ කොට්ඨාස භාර නිලධාරීන් වෙත සහ බස්නාහිර පළාත් රථ වාහන දකුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත මෙම වේග මාපක උපකරණ කට්ටල 30 ක් සංකේතාත්මකව ලබා දීම පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පොලිස් මූලස්ථානයේදී සිදු කෙරිණි .

ඉදිරියේදි දිවයිනේ සියළුම පොලිස් කොට්ඨාසයන් ආවරණය වන පරිදි රථ වාහන අංශයන් වෙත මෙම වේග මාපක ලබාදී රථ වාහන නිලධාරීන්ට මෙම යන්ත්‍රය හැසිරවීමට අවශ්‍ය පුහුණුව ලබා දීමට නියමිත බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

Related posts

Langer firms up possibility of Smith, Warner returns for Pakistan ODIs

Mohamed Dilsad

තැපැල් සේවකයින් වර්ජනයේ

Mohamed Dilsad

මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයටත් අදාළයි – නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල

Editor O

Leave a Comment