Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් කිසිදු පක්ෂයකට මුදල් දුන්නේ නැහැ – නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම වෙනුවෙන් කිසිදු පක්ෂයකට තමන් මුදල් ලබා දී නොමැති බව නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා ප්‍රකාශ කරයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සඳහා කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 50ක මුදලක් ප්‍රබල දේශපාලන පක්ෂයක් විසින් ලබාගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණ. ඒ පිළිබඳව ප්‍රධාන සහල් ව්‍යාපාරිකයෙක් වන නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා පැවසුවේ තමන් මන්ත්‍රීධූරයක් වෙනුවෙන් කිසිදු පුද්ගලයෙක්ට හෝ දේශපාලන පක්ෂයකට මුදල් ලබා නොදුන් බවයි.

පසුගිය දින කිහිපයේ, තමන් පක්‍ෂ කාර්යාලයක් වෙත හෝ දේශපාලකයෙක් හමුවීමට නොගිය බවද නිව්රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහත්වරුද පැවසුවේ සිය පක්ෂ විසින් එලෙස කිසිවෙකුගෙන් මුදල් ලබාගෙන නොමැති බවයි. ඒ අනුව එල්ල වන එම චෝදනා සිය පක්ෂවලට අදාළ නොවන බවද ඔවුන් වැඩිදුරටත් කියා සඳහන් කළේය.

නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා යනු සියලු ආගම්වලට ගරු කරන, දුගී දුප්පත් ජනතාවට නිරන්තයෙන් උපකාර කරන, සමාජයට වැඩදායී පුද්ගලයෙක් බවද, ව්‍යාපාරිකයා සමග හිතවත්කම් පවත්වන ජනතාව සඳහන් කරති.

Related posts

ADB provides additional USD 75 million to support SME development in Sri Lanka

Mohamed Dilsad

බිත්තර රුපියල් 3 කින් පහළට

Mohamed Dilsad

“Housing for teachers soon,” Sajith Premadasa assures

Mohamed Dilsad

Leave a Comment