Trending Newsඑසැන පුවත්දේශීය

උසස් අධ්‍යාපන ගැටළු රැසක් ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

උසස් පෙළ 2023 සිසුන් සඳහා විද්‍යාපීඨ ගැසට් නොකිරීම හා ඇතැම් විද්‍යාපීඨ මගින් උපාධි සහතික දීම නිසා සිසුන්ට ඇතිව තිබෙන ගැටලුවට විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් 2023 උසස් පෙළ සිසුන්ට මේ වන තෙක් විද්‍යාපීඨවලට ප්‍රවේශවීමට අදාළ ගැසට්ටුව පවා නිකුත් වී නොමැති බවත් දැනට අලුතින් ආරම්භ කර ඇති කුලියාපිටිය විද්‍යාපීඨයේ පමණක් තාක්ෂණ විෂයට අදාළව සිසුන් බඳවා ගැනීමේ ගැසට්ටුව නිකුත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. කුලියාපිටිය විද්‍යාපීඨය මගින් සිසුන්ට උපාධි සහතිකය ලබා දුන්නත් අනෙකුත් විද්‍යාපීඨ සිසුන්ට ලබා දෙන්නේ ඩිප්ලෝමා සහතිකය බවත් මේ නිසා විද්‍යාපීඨ සිසුන් අතර බෙදීමක් ඇතිවිය හැකි බැවින් සෙසු විද්‍යාපීඨවලට ද උපාධි සහතිකය ලබාදීම සඳහා කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ඒ ක්‍රියාව ඉටු කරන ලෙස රජයට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේම 2023 උසස් පෙළ සිසුන් විද්‍යාපීඨයට බඳවා ගැනීමේ ගැසට් පත්‍රය නිකුත් කරන දිනයත් එමඟින් ලබා දෙන්නේ ඩිප්ලෝමා හෝ උපාධි සහතිකයක් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

ජනතාවගේ ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයකු සහ විපක්ෂ නායකවරයා ලෙස රටේ ජනතාව මුහුණ දෙන කාලීන ගැටලුවලට විසදුම් ලබා ගැනීම උදෙසා රජයට ඉදිරිපත් කිරීම වගකීමක් වුවත් පාර්ලිමේන්තු සභා ගර්භයේ දී කාලීන ගැටලු ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමි කරලීම නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සිට එම ගැටලු ජනතාවටත් රටට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Related posts

மழையுடன் கூடிய வானிலை மேலும் அதிகரிக்கும்

Mohamed Dilsad

கலகொட அத்தே ஞானசார தேரர் இன்றைய தினம் நீதிமன்றில் முன்னிலைப்படுத்தப்பட மாட்டார்

Mohamed Dilsad

NBRO issues landslide warning to Matale and Kandy

Mohamed Dilsad

Leave a Comment