Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමරිකාවේ හදිසි තත්ත්වයක් අක්කර 2900ක ගොඩනැගිලි 13,000 අවධානමේ – 30,000ක පිරිසක් වහා ඉවත් කරයි.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ ගිනි ගැනීමක් හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. අක්කර 10 ප්‍රමාණයක හටගෙන තිබූ ගින්න කෙටි කාලයක් තුළ අක්කර 2,900 කට වඩා වැඩි ප්‍රදේශයක ලැව් ගින්න ගින්න පැතිරුණ බව, විදේශ මාධ්‍ය සඳහන් කරයි. මේ අනුව 30,000 කට අධික පිරිසක් ඉවත් කිරීමේ නියෝග යටතේ සිටින බවත්, ගොඩනැගිලි 13,000 ක් තර්ජනයට ලක්ව ඇති බවත් ගිනි නිවන ප්‍රධානී ක්‍රිස්ටින් ක්‍රෝලි පවසනවා.

මෙම ලැව් ගින්න ප්‍රථමයෙන් පැසිෆික් පැලිසේඩ්ස් ප්‍රදේශයේ හටගෙන ඇති අතර ඉතා වේගයෙන් පැතිර යමින් පවතින බව සඳහන්. එරට වේලාවේන් අඟහරුවාදා 10:30 පමණ මෙම ගින්න හටගෙන ඇති අතර එය පැයට සැතපුම් 25 ක වේගයෙන් හමන් සුළං සහ අධික වියළි කාලගුණය නිසා අතිශයින්ම අභියෝගාත්මක වී තිබෙනවා.

ලොස් ඇන්ජලීස් හි පැතිර යන ගින්න පාලනය කිරීමට අවශ්‍ය නිසා සාමාන්‍යයෙන් රථවාහන තදබදයෙන් පිරුණු වීදි හරහා තිබූ වාහන 200 ක් පමණ බුල්ඩෝසර භාවිතයෙන් ඉවත් කර ඇති බවත් සඳහන්. කෙසේ වෙතත් මේවනතෙක් තුවාලකරුවන් කිසිවක් වාර්තා වී නොමැති අතර කිසිවෙකු අතුරුදහන් වී නොමැති බවත් වාර්තාවනවා. තවමත් වර්ධනය වෙමින් පවතින මෙම ලැව් ගින්න නිසා කැලිෆෝනියාවේ මිලියන සංඛ්‍යාත ජනතාවක් ද රතු කොඩි අනතුරු ඇඟවීමක් යටතේ සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

Related posts

15 வயது கொழும்பு பாடசாலை மாணவி தற்கொலையின் காரணம் வெளியானது…

Mohamed Dilsad

Oman proposes Joint Commission with Sri Lanka

Mohamed Dilsad

ஓய்வுபெற்ற புகையிரத ஊழியர்களை சேவையில் ஈடுபடுத்த தீர்மானம்

Mohamed Dilsad

Leave a Comment