Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවක වැටුප් ගැන තීරණයක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා මේ වනවිටත් මූලික අධ්‍යයනයන් ආරම්භ කර ඇති බවයි, අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ.

වෘත්තීය සමිති ඉල්ලීම්, ඇතැම් රජයන් විසින් ගත් විවිධ තීරණ හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ එක් එක් ශ්‍රේණි අතර දැඩි වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දෙයි. අමාත්‍යවරයා පැවසුවේ, ඇතැම් රාජ්‍ය සේවක වැටුප් විෂමතාවන් 1992 වසරේ සිට හටගෙන ඇති බවයි.

මෙවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයින්ට අසාධරණයක් නොවන පරිදි වැටුප් විශමතා ඉවත් කිරීම දැඩි සංකීර්ණ තත්වයක් බව ද මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේ ය. මෙම ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යංශය සමග ද මේ වනවිට සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ.

Related posts

ஐக்கிய தேசியக் கட்சியின் மக்கள் கூட்டம் கொழும்பிற்கு…

Mohamed Dilsad

முதலைகளால் பொதுமக்கள் அசௌகரியத்தில்

Mohamed Dilsad

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල වැඩිකෙරේ

Mohamed Dilsad

Leave a Comment