Trending Newsඑසැන පුවත්දේශීය

කතානායක, නිල නිවසේ නැහැ.

කතානායක ජගත් වික්‍රමරත්න මහතා කථානායක නිල නිවස මෙතෙක් භාවිතයට ගෙන නැති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගිය දෙසැම්බර් 14 වැනිදා ඔහු දසවන පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස තේරී පත්විය.

නමුත් එතැන් සිට මේ දක්වාම ඔහු පාර්ලිමේන්තුව ආසන්නයේම පිහිටි කතානායක නිල නිවස භාවිතයට ගෙන නැත. නමුත් පාර්ලිමේන්තු සැසි පැවැත්වෙන දිනයන්හි මෙන්ම නොපැවැත්වෙන ඇතැම් දිනවලද පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් කතානායකවරයා නවාතැන් ගන්නේ කොහේදැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද නොදන්නා බවත් වාර්තා වේ.

ජගත් වික‍්‍රමර්ත්න මහතා පසුගිය මහ මැතිවරණයේදී පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් පසු කතානායක ධුරයට පත් විය.

Related posts

ඩුබායි සිට පැමිණි ගුවන්යානයක හෙරොයින් තිබී සොයා ගනී

Mohamed Dilsad

දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කරනවා – ජනාධිපති

Editor O

ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment