Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

‘2024 වසරේ ශ්‍රී ලාංකිකයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ”එල්එම්ඩී” සඟරාව 2024 වසර සඳහා ‘වසරේ ශ්‍රී ලාංකිකයා’ ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම් කර තිබේ.

ඒ බව දක්වමින් සඟරාවේ සඳහන් කර තිබෙන්නේ දැඩි ලෙස ක්ෂය වී ඇති ආර්ථිකයක් නැවත පණ ගැන්වීමේ දුෂ්කර කාර්යය ආචාර්ය වීරසිංහගේ නායකත්වය යටතේ ආරම්භ වූ බවයි. ඉදිරියේ ඇති අභියෝග පිළිබඳ ඔහු යථාර්ථවාදී දැක්මකින් යුතුව අර්බුදය ක්ෂණිකව විසඳිය නොහැකි බව පිළිගත් බවද එහි සඳහන් කර තිබේ.

එසේම “ඔහු 2022 අප්‍රේල් මාසයේදී මහ බැංකු අධිපතිවරයාගේ භූමිකාව භාර ගන්නා විට, උද්ධමනය 29.8%ක් වූ අතර ක්‍රමයෙන් අඩුවීමට පෙර එම වසරේ නොවැම්බර් මාසයේදී උද්ධමනය 61% දක්වා ඉහළ ගියේය. දැඩි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ස්තූතිවන්ත වන්නට, උද්ධමනය 2023 ජූලි වන විට තනි ඉලක්කමක් දක්වා පහත වැටුණු අතර එය වසරක කාලය තුළ සැළකිව යුතු දියුණුවක් සනිටුහන් කළේය” යනුවෙන්ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වුවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්තිය අනුව මෙරට ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් මහ බැංකු අධිපතිවරයා කටයුතු කරන විට වත්මන් ආණ්ඩුව එදා විපක්ෂයේ සිට ඔහුව ආර්ථික ඝාතකයකු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒජන්ත තක්කඩියෙක්, ආදී ලෙස නම් පටබැඳ අපහාස කළ බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද රටේ ආර්ථිකය යළි ගොඩනඟන කර්තව්‍යය සඳහා කැපවූ බවද මූල්‍ය වෙළඳ පොළ විශ්ලේෂකයන් සිහිපත් කරන අතර ඊට මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය ද බොහෝ වෙහෙසක් ගෙන දේශපාලන අධිකාරිය ලෙස දායකත්වය ලබාදුන් බවද පෙන්වා දෙයි.

“එල්.එම්.ඩී” සඟරාව 1995 වසරේ සිට “වසරේ ශ්‍රී ලාංකිකයා” සම්මානය ලබාදෙන අතර එය මේ වනවිට වසරේ විශිෂ්ඨතම සම්මාන අතරින් එකක් බවට පත්ව ඇත.

මෙවර 30 වැනි වතාවට “වසරේ ශ්‍රී ලාංකිකයා” සම්මානය “එල්.එම්.ඩී” සඟරාව ලබා දුන්නේය

Related posts

සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

Mohamed Dilsad

தவறிழைத்தவர்களுக்கு தக்க தண்டனை வழங்கப்படுகிறது – வாசுதேவ நாணயக்கார [VIDEO]

Mohamed Dilsad

Former MP Duminda Silva’s death sentence affirmed by Supreme Court

Mohamed Dilsad

Leave a Comment