Trending Newsඑසැන පුවත්දේශීය

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇරඹේ

පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ කර තිබේ.

පක්ෂ පාට භේදයකින් තොරව පුළුල් ජාතික වැඩසටහන ඔස්සේ ආකල්පමය, හැසිරීමේ සහ ගුණාත්මක වෙනසක් ඇති කර අලුත් වටිනාකමක් සහිත රටක්, ලස්සන ජීවිතයක් සමස්ත පුරවැසියන්ට උරුම කරදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නිර්මාණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව නව වසරේ රාජකාරි ආරම්භ කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් මඟින් ද දැනුම් දී තිබේ.

Related posts

‘White Island’ என்ற தீவிலுள்ள எரிமலையொன்று வெடிப்பு

Mohamed Dilsad

Special tourism zone from Thabbowa to Wilpattu

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment