Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් තිබේ.

ඉන්දියානු ජාතික කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේ දී අද (28) පෙරවරුවේ මන්මෝහන් සිංගේ දේහයට මන්ත්‍රීවරයා අවසන් ගෞරව දැක්වීය.

ආර්ථික වශයෙන් ඉන්දියානු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සුවිසල් මෙහෙවරක් සිදු කළ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා ඉන්දීය ජනතාව වෙත තම ශෝකය පළ කළ බව නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරව සහිතව අද (28) පැවැත්වේ.

Related posts

ණය බරින් මිරිකෙන මාලදිවයින

Editor O

රුසියාවේත් කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යයි

Mohamed Dilsad

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුලු 03 ක් නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

Leave a Comment