Trending Newsඑසැන පුවත්දේශීය

වැඩ බාර ගනිපු දවසේ නියෝජ්‍ය ඇමති වටගල, වටේ යැවූ අරුම පුදුම අමුත්තා

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් රාජකාරී ආරම්භ කළ දිනයේදීම කිසියම් පුද්ගලයකු පැමිණ අසත්‍ය තොරතුරු පවසමින් විදේශ ගමන් බලපත්‍ර දා හතක් සකස් කරගෙන ගොස් ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කරයි.

රූපවාහිනී නාලිකාව පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. එම පුද්ගලයා හඳුනාගෙන ඇති බවත් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස තමන් පොලිසියට උපදෙස් ලබාදුන් බවත් ඔහු එහිදී සඳහන් කළේය.

“ඔබ විශ්වාස කරන්න මම වැඩබාර ගන්න දවසේ ඔබ වගේම කෙනෙක් ටයි බයි කෙනෙක් මාව මෙහෙයෙව්වා. එන්න ඇමැතිතුමා මෙහෙන් එන්න, පාස්පෝට් එක බලමු, අතන මුද්‍රණය කරන තැන බලමු, කවදාවත් ඇමතිවරු ගිහිල්ලත් නෑ යමුකෝ බලන්න කියලා මාව එක්කගෙන ගියා. එක්කන් ගියාට පස්සේ මට තේ පැන් සංග්‍රහයකුත් ලෑස්ති කරලා එතන තිබ්බා. මම හිතන්නේ අමාත්‍යංශයේ නිලධාරියෙක් කියලා. එයා කියලා තියෙනවා අමාත්‍යංශයේ නිලධාරීන්ට මම ජනාධිපති ලේකම් එකෙන් ආවේ කියලා.”

Related posts

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය

Mohamed Dilsad

විදෙස් ශ්‍රමිකයන්ගේ රැකියා පිළිබඳව ජනපතිගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment