Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති හර්ෂණගේ නමට ”ආචාර්යය” ඒකතු වුණ විදිය ජනාධිපතිට දුන් වාර්තාවෙන් හෙළිවේ.

අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති අනුර දිසානායක මහතාට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.

සභානායක කාර්යාලයෙන් එවන ලද ලිපියක ‘ආචාර්ය’ ලෙස සඳහන් වීම මත පාර්ලිමේන්තු වෙබ් අඩවියට එම දත්ත ඇතුළත් කරන ලද බව එම වාර්තාවේ සඳහන්ව ඇතැයි පැවසෙයි. හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයකු ලෙස නම් කරමින් ඔහුගේ නම ඉදිරියෙන් ආචාර්ය ලෙස යනුවෙන් යොදා තිබූ බව එම වාර්තාව විසින් පෙන්වා දී ඇත.

මේ අතර මෙම සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද පාර්ලිමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇත. ඒ අමාත්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි.

Related posts

Ministry to probe Trinco jet landing

Mohamed Dilsad

Cara Delevingne chopped off all her hair for a movie role

Mohamed Dilsad

மாலை வேளைகளில் மழையுடனான வானிலை

Mohamed Dilsad

Leave a Comment