Trending Newsඑසැන පුවත්දේශීය

උද්ධමනය පහළ ට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව 2024 ඔක්තෝම්බර් මාසයේ දී 0.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 නොවැම්බර් මාසය සඳහා -1.7% ක් දක්වා අඩු වී ඇති බව සඳහන්. 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී 0.0% ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම, 2024 ඔක්තෝම්බර් මාසයේ දී -2.3% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී -3.1% ක් ලෙස වාර්තා වුණා.

Related posts

Israel Decided to close it’s embassy in Paraguay

Mohamed Dilsad

“Wimal’s brain should be examined” – Rishad Bathiudeen [VIDEO]

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණත්: නාම ලේඛනයේ නම තියෙන අයට ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

Editor O

Leave a Comment